“හදිසි නීතිය කාලය තුල රු 5000 හේ දීමනාව අවශ්‍ය සියලු දෙනාට ලැබෙනවාද?” – ආචාර්ය නාලක ගොඩහේවා

0
697

රට තුල කොරෝනා ව්‍යාප්තිය ඇරඹීමත් සමගම ආණ්ඩුවට සිද්ධ උනා රට වහන්න.වෙනත් විදියකින් කියනවා නම් රට lock down කරන්න.ලෝකයේ අනිත් රටවල්වලට සාපේක්ෂව අපි කොරෝනා තත්ත්වය පාලනය කරපු ආකාරය බලපුවාම ආණ්ඩුවේ ඒ තීරණය 100% ක් නිවැරැදි බව ඔප්පු වෙලා තියෙනවා.

නමුත් ඒ තීරණය තුල මිනිසුන්ගේත්,පොදුවේ රටේත් ආර්ථිකයට පහරක් වදින බව අපට පිළිගන්න අපිට සිද්ධ වෙනවා.අපි ආණ්ඩුවක් විදියට ඒ තීන්දුව ගත්තා නම්,ආණ්ඩුව විසින්ම ඒ මිනිසුන් බලාගත යුතුය කියන තැන වර්තමාන ආණ්ඩුව ඉන්නවා.

ඒ හේතුව හින්දා තමයි ආණ්ඩුව තීරණය කලේ මොනතරම් ආර්ථික අපහසුතා තිබුනත් ලක්ශ 54 ක ජනතාවට රු.5,000/- දීමනාව ලබා දෙන්න.මේ ලක්ශ 54 තුල සමෘද්ධි ලාභීන්,වැඩිහිටියන් ,ආබාධිත පුද්ගලයන් වගේ වර්ග ගනනාවක් සිටිනවා.

ඒ වගේම දුප්පත් කියන කොටසට අයිති නොවන ආර්ථික දුෂ්කරතා තියෙන තවත් කොටසක් සිටිනවා.ඒ තමයි ත්‍රී රෝද රථ රියදුරන්,මේසන් හා වඩු කාර්මිකයින් වගේ දෛනික අදායම මත ජීවත් වෙන පිරිස.දුප්පත් වර්ගීකරණයට අයත් නොවන නිසා සමෘද්ධිය නොලබපු මේ පිරිස දැන් කිසිදු ආදායමක් නොමැති තත්ත්වයට පත් වෙලා තියෙනවා.

මේ තත්වය තේරුම් ගත්තු රජය පසුගිය සතියේ තීරණය කලා ලක්ශ 10ක් පමණ වන මේ පිරිසටත් රු.5,000/- දීමනාව ලබා දෙන්න.දුෂ්කර අවස්ථාකදී ජනතාව ජීවත් කරවීමට රජයට මේ දීමනාව ලබාදීමේ කාර්ය අනිවාර්යයෙන් කරන්න වෙනවා.මෙය සමහරක් විට මාසයක් නෙවෙයි මාස දෙකක් උනත් කරන්න රජයට සිද්ධ වේවි.

අපේ බලාපොරොත්තුව හා ප්‍රාර්ථනය මේ තත්ත්වය පාලනය කරන්න අපට හැකි උනොත් මේ අප්‍රියෙල් මාසය අවසන් වෙනකොට රට ආපහු යථා තත්ත්වයට පැමිණේවි කියායි.

හැබැයි මේ දෙය දිගටම කරගෙන යන්න රජයට බැහැ,මොකද මේවා පරිභෝජන මිස ආයෝජන නොවන නිසා.ඒ නිසා හැකි තරම් ඉක්මනට මේ ත්ත්වයෙන් එලියට ඇවිත් මේ අය ඒ අයගේ ව්‍යාපාරවලට යොමු කල යුතුයි.

Previous articleTNA හි ITAK සහය සජිත්ට, කොන්දේසි ගැන සුමන්තිරන් කියයි.
Next articleMoody’s places Sri Lanka’s B2 ratings on review for downgrade