Monday, May 20, 2024
HomeLocalසියනෑ කතිකාවේ සමාජ සත්කාර.

සියනෑ කතිකාවේ සමාජ සත්කාර.

සමස්ත ලෝකයටම බිහිසුණු අත්දැකීමක් එක් කළ කොරෝනා වෛරසය ලෝකයම කන පිට හරවන මට්ටමේ කලබැගෑනියක් සිදුකළද ශ්‍රී ලංකාව ඉතා සාර්ථක මට්ටමින් එයට මුහුණ දෙමින් සිටී.

ඉහළ ආර්ථික ශක්තියක් ඇති ලෝකයේ බලවත් රටවල් කොවයිඩ් 19 වසංගතය හමුවේ ඉතා කනගාටුදායක ලෙස කඩා වැටෙන විට, ශ්‍රී ලංකාව ඉතා යහපත් ලෙස මෙයට මුහුණ දෙමින් සිටින්නේ මානව දයාව පෙරදැරි කරගත් නායකත්වයකින් සහ අවශ්‍ය සෑම අවස්ථාවකදීම එකිනෙකාට ජීවත්වීමට සහයෝගය දීමට අත්වැල් බැඳගන්නා උතුම් මිනිස්සුන්ගෙන් පොහොසත් දේශයක් වීම නිසා විය යුතුය.

එයට උදාහරණ සපයමින් අද දවස පුරා ද ගම්පහ දිස්ත්‍රික්කයේ සියනෑ කතිකා කිුයාකරින් විසින් රෝහල් ,පොලිස් ස්ථාන සහ සිවිල් ජනතාව වෙනුවෙන් මල්වතුහිරිපිටිය ,දොම්පේ , මල්වාන හා දෙකටන යන පුදේශ ආශිුතව ක්‍රියාකාරකම් රාශියක් සිදුකරන ලදි.
ඒ අතර රෝහල් කාර්ය මණ්ඩල සඳහා අවශ්‍යය කරන වෛද්‍ය උපකරණ පරිත්‍යාග කිරීම් සහ මුඛ ආවරණ බෙදාදීමේ කටයුතු මෙන්ම අඩු ආදායම්ලාභී පවුල් සඳහාවියලි ආහාර දුව්‍ය බෙදා දීමේ කටයුතු ද සිදුවිය.

- Advertisment -

Most Popular

Recent Comments