Sunday, May 19, 2024
HomeLocalඅපි නිරෝධායන නීති රකිමින් විරෝධතාවය කලේ. පොලිසිය තමයි නිරෝධායන නීති කඩ කලේ...

අපි නිරෝධායන නීති රකිමින් විරෝධතාවය කලේ. පොලිසිය තමයි නිරෝධායන නීති කඩ කලේ -රශ්මි කියන සංවේදී කතාව මෙන්න !

පසුගියදා කොල්ලුපිටියේදී පැවති උද්ඝෝෂණයකදී අත්අඩංගුවට පත්ව ඉන් ඇප ලැබීමෙන් පසු නිවෙස බලා යන අතරමගදී අසනීප වූ රශ්මි දිව්‍යාංජලී මෙම සිදුවීම පිළිබඳව මෙවැනි සටහනක් ඇයගේ මුහුනුපොත තුල තබා තිනි.

උපුටා ගැනීම,

“මම රශ්මි දිව්‍යාංජලී. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ තරුණ සංගමය වන යූත් ෆෝ චේන්ජ් සංවිධානයේ ගාල්ල දිස්ත්‍රික් ක්‍රියාකාරිනියක් ලෙස කටයුතු කරනවා. පෙරේදා පැවති විරෝධතාවයේදී අත්අඩංගුවට පත්වුනා. පසුව උසාවියට ඉදිරිපත් කිරීමෙන් පස්සෙ එලියට ඇවිත් ගාල්ල බලා එද්දි අසනීප වුනා. ඉන්පස්සෙ කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබලා අද දවල් ටිකට් කපලා ආවා. තවමත් අඟ පුරාම වේදනාවල් තියනවා. නමුත් බරපතල තත්වයක් නැති නිසා ටිකට් කැපුවා. සමාජ මාධ්‍ය තුලින් පසුගිය දින කීපයේම මටත් අපේ සහෝදර සහෝදරියන්ටත් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරපු හැම දෙනාටම මම ස්තුතිය පුද කරනවා.

ඇත්තටම අපි 09 වෙනිදා විරෝධතාය කරන්න සූදානම් උනේ ඇමරිකාවේ පසුගිය දවස්වල අමානුෂික විදිහට මරා දාපු ජෝර්ජ් ෆ්ලොයිඩ්ගෙ ඝාතනයට විරෝධය දක්වන්න. ඒ වගේම ලෝකය පුරා ජාතිය, ආගම, වර්ණය නිසා අසාධාරණයට ලක්වන මිනිස්සු වෙනුවෙන්. අපි ගාල්ලේ ඉඳන් කොල්ලුපිටියට එනකොට දැක්කා පාර අයිනෙ හිටපු අපේ සහෝදර සහෝදරියෝ කීප දෙනෙක්ම පොලිසිය ඇදන් ගිහින් ජීප්වලට දා ගන්නවා. පස්සෙ ලිප්ටන් වටරවුමට අපි පයින්ම ගියා. එහිදි මීටරේක දුරින් පේලියට සිට ගෙන සටන් පාඨ පුවරු ඔසවාගෙන නිහඬ විරෝධතාවයක් පටන් ගත්තා. ටික වෙලාවකින් පොලිසිය එතනට කඩා වැදිලා කුමාර් සහෝදරයා මාධ්‍යවලට ප්‍රකාශයක් කරමින් ඉද්දි ඇද ගෙන ගියා. ඒ වෙලාවෙ අපි ඒකට විරුද්ධ වුනා. පොලිසිය අපිට පහර දෙමින් අපිව ඇදලා ඔවුන්ගේ රථ වලට දාගත්තා. මම දන්න විදිහට කාන්තාවන්ව අත්තඩංගුවට ගන්න කාන්තා නිලධාරීන් ඉන්න ඕනෙ. ඒත් එතන පිරිමි නිලධාරීන් විතරයි හිටියේ. ඔවුන් කීපදෙනෙක් මාව ඇදලා උස්සලා වාහනේට වීසී කලා. වාහනේ ඇතුලෙ හිටපු අපේ සහෝදරයන් මාව අල්ල ගත්තා. නැත්නම් ඔලුව වාහනේ තට්ටුවෙ වදින්න තිබුනා. මගේ කණ්ණාඩි දෙක එක නිලධාරීයෙක් ගලවලා බිම දැම්මා. මට විතරක් නෙමෙයි අපේ ගොඩක් අයට හිරිහැර කලා. පහර දුන්නා. එක් සහෝදරියකගේ දුරකතනයත් ඇදලා ගත්තා සාක්කුවට අත දාලා. නියෝග දීපු නිලධාරීයෙක් කෑගැහුවා තව මදි තව පහක් ගනිං කියලා. මෙච්චර ගානක් ගන්න කියලා නියෝගයක් තිබුනා කියලා තේරුනා.

අපි නිරෝධායන නීති රකිමින් විරෝධතාවය කලේ. පොලිසිය තමයි නිරෝධායන නීති කඩලා අපිව ජීප්වලට පැටෙව්වෙ. අපි අහන්නෙ සාමකාමීව අදහස් ප්‍රකාශකරන්න, විරෝධය දක්වන්න මේ රටේ අයිතියක් නැද්ද කියලා. ඒ වගේම අපිව උස්සලා විසිකරන්න ඒගොල්ලන්ට තියන අයිතිය මොකද්ද? අද මට වුන දේ හෙට තවත් ගොඩක් දෙනෙක්ට වෙන්න පුළුවන්. මේ අසාධාරණයට එරෙහිව හඬ නගන්න කියලා ඔබ සැමගෙන් ඉල්ලනවා. ඒ වගේම අපිව මේ වගේ දේවලින් බයකරලා නවත්තන්න බෑ. හෙටත් අපි ජනතාවගේ අයිතීන් වෙනුවෙන් සටන් කරනවා.”

උපුටා ගැනීම අවසන් !

මම රශ්මි දිව්‍යාංජලී. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ තරුණ සංගමය වන යූත් ෆෝ චේන්ජ් සංවිධානයේ ගාල්ල දිස්ත්‍රික්…

Posted by Rashmi Divyanjali on Thursday, June 11, 2020
- Advertisment -

Most Popular

Recent Comments