Sunday, May 19, 2024
HomeInternationalචිලි රාජ්‍යයේ හිටපු ජනපති හෙලිකොප්ටර් අනතුරකින් මරුට

චිලි රාජ්‍යයේ හිටපු ජනපති හෙලිකොප්ටර් අනතුරකින් මරුට

චිලී හි හිටපු ජනාධිපති සෙබෙස්තියන් පිනේරා හෙලිකොප්ටර් යානා අනතුරකින් මියගොස් තිබේ.

දෙවරක් රට පාලනය කළ පිනේරා වාර්තා අතරට එක්වන්නේ, එරට සිටි ධනවත්ම මිනිසෙකු ද ලෙසය.

ඒ එරට සැන්තියාගෝ අගනුවරට දකුණින් පිහිටි ප්‍රකට සංචාරක ගමනාන්තයක් වන ලාගෝ රැන්කෝ හි සිදුවූ හෙලිකොප්ටර් යානා අනතුරකිනි.

74 හැවිරිදි හිටපු ජනාධිපති පිනේරා ඇතුළු පිරිස ගමන් කළ හෙලිකොප්ටර් යානය ලාගෝ රැන්කෝ හි ජලාශයක් මතට කඩා වැටී තිබුණි.

කෙසේ නමුත් යානයේ ගමන් කළ ඉතිරි තිදෙනා අනතුරින් දිවි ගලවාගැනීම විශේෂත්වයකි.

මේ වනවිට ජනාධිපතිවරයාගේ සිරුර සොයාගෙන ඇති බවත් වාර්තා වෙයි.

අනතුරට ලක්වූ හෙලිකොප්ටරය පිනේරා සතු එකක් වුවත්, අනතුර සිදුවන විට ඔහු යානය පැදවූවාද යන්න අනාවරණය වී නැත.

හිටපු ජනාධිපතිවරයාගේ අභාවය සම්බන්ධව ශෝක කාලයක් ප්‍රකාශයට පත්කර තිබේ.

එමෙන්ම ඒ සම්බන්ධව ලතින් අමෙරිකානු රටවල නායකයින් ශෝකය පළකර තිබුණි.

2010 සිට 2014 වසර දක්වාත්, 2018 වසරේ සිට 2022 වසර දක්වාත් දෙවරක් රට පාලනය කළ පිනේරා එරට වඩාත් ජනප්‍රිය පාලකයෙකි.

දින 69ක් තිස්සේ ඇටකාමා හි පතලක සිරවී සිටි පතල්කරුවන් 33 දෙනෙක් නිරුපද්‍රිතව මුදාගැනීමත් සමඟ ඔහු එවක ජාත්‍යන්තරයේ අවධානයටත් ලක්වුණි.

එමෙන්ම පිනේරා සැලකෙන්නේ චිලී හි සිටින ධනවත්ම මිනිසකු ද ලෙසයි.

80

80 දශකයේ රටට ණයපත් ක්‍රමය හඳුන්වාදුන් පුද්ගලයාද ඔහු වෙයි.

දශකයේ රටට ණයපත් ක්‍රමය හඳුන්වාදුන් පුද්ගලයාද ඔහු වෙයි.

- Advertisment -

Most Popular

Recent Comments