Monday, May 20, 2024
HomeInternational07 වන ඉන්දීය සාගර සමුළුව අද ඇරඹෙයි

07 වන ඉන්දීය සාගර සමුළුව අද ඇරඹෙයි

07 වන ඉන්දීය සාගර සමුළුව ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවරදී අද (09) ආරම්භ වීමට නියමිතව තිබේ.

ඉන්දියා පදනමේ සහ ඔස්ට්‍රේලියානු රජයේ ආරාධනයකට අනුව ඊට සහභාගිවීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (08) අලුයම දිවයිනෙන් පිටත්ව ගොස් තිබුණි.

“ස්ථාවර සහ තිරසර ඉන්දියානු සාගරයක් කරා” යන තේමාව යටතේ මෙවර සමුළුව අද සහ හෙට යන දෙදින තුළ පැවැත්වීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.

ඒ අනුව ඉන්දියානු සාගරය ආශ්‍රිත රටවල සහ එම සාගරය බහුලව භාවිත කරන සෙසු රටවලට බලපාන පොදු අභිලාෂ හා ගැටලු පිළිබඳ එහිදී සාකච්ඡා කෙරෙනු ඇත.

මෙවර 7 වැනි ඉන්දීය සාගර සමුළුවේ ප්‍රධාන දේශනය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදුකිරීමට නියමිතව තිබේ.

ඉන්දියානු සාගර කලාපීය සහයෝගීතාව වර්ධනය කරගැනීමේ අරමුණින් රටවල් 40ක ප්‍රධාන පාර්ශ්වකරුවන්ගේ සහභාගිත්වයෙන් මාර්ග සිතියමක් සකස් කිරීම ද මෙවර සමුළුවේදී සිදුකරෙන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

සමුළුවට සමගාමීව ශ්‍රී ලංකාවේ නව ආයෝජන අවස්ථා පිළිබඳ අවධානය යොමු කෙරෙන ඉහළ පෙළේ සාකච්ඡා කිහිපයකටද ජනාධිපතිවරයා එක්වීමට නියමිතව තිබේ.

02 වන ඉන්දීය සාගර සමුළුව 2017 වසරේ එවකට අග්‍රාමාත්‍ය, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙරටදී පැවැත්වු බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේය.

- Advertisment -

Most Popular

Recent Comments