Sunday, May 19, 2024
HomeLocalබන්ධනාගාර තුළට මත්ද්‍රව්‍ය එවන අලුත්ම විදිය

බන්ධනාගාර තුළට මත්ද්‍රව්‍ය එවන අලුත්ම විදිය

මැගසින් හා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය තුළ රඳවා සිටි සැකකරුවන් ‍සඳහා මත්ද්‍රව්‍ය ලබාදීමට උත්සාහ කළ කාන්තාවක් ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්‍රමික බළකායේ නිලධාරීන් විසින් සිදුකළ සෝදිසියකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව බන්ධනාගාර කොමසාරිස් ගාමිණි බී. දිසානායක මහතා පැවසුවේය.

මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටින සැකකරුවෙකු බැලීමට පැමිණි පුද්ගලයෙකු දන්තාලේපයක් තුළ සූක්ෂම ලෙස සඟවා රැගෙන ආ හෙරොයින් මිලිග්‍රෑම් 3,410ක ප්‍රමාණයක් එහිදි සොයාගෙන තිබේ.

ඊට අමතරව කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටි සැකකරුවෙකු බැලීමට පැමිණි කාන්තාවක් හා පිරිමි පුද්ගලයෙකු ද දන්තාලේපයක් තුළ සඟවා අයිස් මිලිග්‍රෑම් 3,140ක ප්‍රමාණයක් රැගෙන ඒමේ දී අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.

අත්අඩංගුවටගත් සැකකරුවන් සම්බන්ධයෙන් මැගසින් හා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය මඟින් විමර්ශනයක් ආරම්භ කර ඇති බව බන්ධනාගාර කොමසාරිස් ගාමිණි බී. දිසානායක මහතා පැවසුවේය.

එමෙන්ම කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටි සැකකරුවෙකු බැලීමට අමුත්තන් පෙන්වන ස්ථානයට පැමිණි පුද්ලයෙකු සැකකරුවෙත ලබාදීමට රැගෙන ආ චොක්ලට් බිස්කට් පැකැට්ටුවක සියලුම බිස්කට් තුළ ඉතා සුක්ෂම අයුරින් දුම්කොළ කැබලි සඟවා සැකකරුට ලබාදීමට යන අවස්ථාවේ දී එම ස්ථානයේ සෝදිසි කිරීම් රාජකාරී සිදුකළ බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්‍රමික බළකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

- Advertisment -

Most Popular

Recent Comments