Monday, May 20, 2024
HomeLocalජනපතිගේ ගාසා යෝජනාවට කැබිනට් අනුමැතිය

ජනපතිගේ ගාසා යෝජනාවට කැබිනට් අනුමැතිය

ගාසා තීරයේ ගැටුම්වලින් විපතට පත්වුවන් සඳහා සහන සැලසිමේ අරමුණින් “ගාසා හී ළමා අරමුදල” පිහිටුවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊයේ (26) රැස් වූ අමාත්‍ය මන්ඩලයට මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති අතර එහිදී ඊට අනුමැතිය හිමිව ඇති බව සඳහන්ය.

මෙමඟින් සියලුම අමාත්‍යාංශ සහ රජයේ ආයතන එක්ව මෙවර ඉෆ්තාර් සැමරුම් පැවැත්වීම සඳහා වෙන්කර තිබු ප්‍රතිපාදන මෙම අරමුදලට ලබාදෙන ලෙස උපදෙස් ලබා දී තිබේ.

එමෙන්ම මේ සඳහා ජනතාවගේ දායකත්වය ද අපේක්ෂා කරන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

ඒ අනුව විපතට පත් දරුවන් සඳහා සහන සැලසීම වෙනුවෙන් ශ්‍රී ලංකා රජය විසින් අමෙරිකානු ඩොලර් මිලියනයක පරිත්‍යාගයක් එක්සත් ජාතීන්ගේ නිල නියෝජිත ආයතනය හරහා ලබාදීමට නියමිතය.

මේ අතර ගාසා හී ළමා අරමුදල සඳහා පුරවැසියන්ගේ පරිත්‍යාග ලංකා බැංකුවේ තැප්‍රොබෙන් ශාඛාවේ ගිණුම් අංක 7040016 වෙත යොමුකරන ලෙස ද ජනාධිපති මාධ්‍ය අංශය ඉල්ලීමක් කරයි.

එලෙස බැර කරන මුදල්වල තැන්පත් කුවිතාන්සිය 077 973 03 96 අංකයට යොමුකරන ලෙස ද ජනාධිපති ලේකම් කාර්යාලය දැනුම්දෙයි.

- Advertisment -

Most Popular

Recent Comments