Friday, May 24, 2024
HomeLocalකුරුණෑගල තවත් ප්‍රදේශ දෙකක් හුදෙකළා කෙරෙයි

කුරුණෑගල තවත් ප්‍රදේශ දෙකක් හුදෙකළා කෙරෙයි

රට පුරා මේ වන විට ව්‍යාප්ත වෙමින් පවතින අධික කොරෝනා වසංගත තත්වය නිසා වාරියපොළ ප්‍රදේශයේ නිරාවිය සහ නිකදළුපොත යන ග්‍රාම නිලධාරි කොට්ඨාස දෙක මේ මොහොතේ සිට හුදකලා කිරීමට තීරණය කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

මේ අතර, ඊයේ (22) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි කුලියාපිටිය පොලිස් වසම ද හුදකලා කෙරුණි.ප්‍රදේශයේ කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා එම තීරණය ගත් බව යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

එම හුදකලා කිරීම් නැවත දැනුම්දෙනතුරු ක්‍රියාත්මකය.මේ අතර, ඉදිරියේ දි උත්සව පැවැත්වීමට අවසර දීමේ දි හඳුනාගන්නා ආසාදිතයින් සංඛ්‍යාව පිළිබඳ සැළකිලිමත් වන බව යුද හමුදාපතිවරයා පවසයි.

වෙසක් උත්සවය සම්බන්ධයෙන් ද එවැනි තීරණයක් ගැනීමට සිදුවිය හැකි බව ඒ මහතා වැඩිදුරටත් සදහන් කරන ලදී.

- Advertisment -

Most Popular

Recent Comments