Monday, May 20, 2024
HomeLocalකොවිඩ් මර්දනය සඳහා ගෙන ඇති ආරක්ෂක පියවර සාර්ථකයි. - රනිල් වික්‍රමසිංහ

කොවිඩ් මර්දනය සඳහා ගෙන ඇති ආරක්ෂක පියවර සාර්ථකයි. – රනිල් වික්‍රමසිංහ

කොවිඩ් මර්දනය සඳහා ගෙන ඇති ආරක්ෂක පියවර සාර්ථක බවත්, සෞඛ්‍ය අංශ හා ආරක්ෂක අංශ ඔවුන්ගේ කාර්යයන් විශිෂ්ට අයුරින් සිදුකරමින් සිටින බවත් හිටපු අග්‍රාමාත්‍ය, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. “විඕන්” ඉන්දිය පුවත් සේවය සමඟ අන්තර්ජාලය හරහා අද සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියා සිටියේ ඉදිරියේදී ඇතිවන ආර්ථික අර්බුදයේදී ධනවත් රටවල් සෙසු රටවලට සහාය ලබා දියයුතු බවයි.

“ඇත්තටම ලොක්ඩවුන් කිරීම සාර්ථකව සිදුවෙලා තියනවා. මම කිව යුතුයි සෞඛ්‍ය සේවාවන්, පොලිසිය වගේම ආරක්ෂක සේවාවන් ඔවුන්ගේ කාර්යයන් විශිෂ්ට අයුරින් සිදුකරමින් ඉන්නවා. පෞද්ගලික අංශය සහ ජනතාව අවශ්‍ය සහයෝගය ලබාදෙනවා. ඒ පැතිකඩ ඉතා සාර්ථකයි. අපිට මේ ලොක්ඩවුන් එක අර්ධ වශයෙන් ඉවත් කරන්න වෙනවා සහ පරීක්ෂණ සඳහා නිරන්තරයෙන් යන්න වෙනවා ජර්මනියේ වගේ. ඒ වගේම අපේ ආර්ථිකය නැවත නගා සිටුවන්න අවශ්‍යයි. මෙය තමයි අපි මුහුණදුන්න අභියෝගාත්මකම කාලය. මොකද ලෝක යුද්ධ කාලවලදී පවා අපි දැනගෙන හිටියා කවුද සතුරා කියන කාරණය. හැබැයි මේ අවස්ථාවේ අපි දන්නේ නැහැ. ඒ වගේම සියලුම ආරථික කඩාවට්ටනවා. මෙතනදී කවුරුත් ලෝක නායකත්වයක් දෙන්න ඉදිරිපත් වෙනවා පේන්න නැහැ. ඒක තමයි අනිත් ප්‍රශ්නය. කවුරුහරි ඉදිරිපත්වෙලා කියන්න ඕන මෙහෙම සිදුකළ යුතුයි කියලා.”

ජනතාව මේ දිනවල නැරඹිය යුතු සහ කියවිය යුතු දේවල් පිළිබඳ ඔබට මොනවාහරි නිර්දේශ කරන්න පුළුවන්දැයි මාධ්‍යවේදිනිය ඇසු ප්‍රශ්නයට ඒ මහතා මෙසේ පිළිතුරු දුන්නේය. දින දෙකකට කලින් මම පරණ හින්දි චිත්‍රපටයක් නැරඹුවා හොටේල් මුම්බායි කියලා. දැන් නම් අලුත් චිත්‍රපට ගණනාවක් තියනවා. ඔබ තමයි කියන්න ඕන මොකක්ද මම නැරඹිය යුතු කියලා. නෙට්ෆ්ලික්ස් එකේ තියනවා ඕනෑ තරම් ටෙලිකතා සහ හින්දි චිත්‍රපට. ඒ නිසා ඔබ කියන්න මම මොකක්ද නැරඹිය යුතු.”

- Advertisment -

Most Popular

Recent Comments