Sunday, May 19, 2024
HomeLocalවහාම පක්ෂ නායක රැස්වීමක් කැදවන්න - සජිත්

වහාම පක්ෂ නායක රැස්වීමක් කැදවන්න – සජිත්

මැතිවරණයක් පැවැත්වීම සම්බන්ධයෙන් වහාම පක්ෂ නායක රැස්වීමක් කැඳවන ලෙස සමගි ජන බලවේගය මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගෙන් ඉල්ලා සිටියි.

එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා මැතිවරණ කොමිසම වෙත ලිපියක් යවමින් මෙම ඉල්ලීම සිදුකර ඇත.මැතිවරණය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා දරන ස්ථාවරය තම පක්ෂයද අගය කරන අතර නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට මෙය කිසිසේත්ම සුදුසු අවස්ථාවක් නොවන බව අවධාරණය කරන රංජිත් මද්දුමබණ්ඩාර මහතා කියා සිටින්නේ මේ සම්බන්ධයෙන් සාකච්චා කිරීම සඳහා සියලු පක්ෂ නායකයින්ට හා ලේකම්වරුන්ට අවස්ථාව ලබාදෙන ලෙසයි.

මේ අතර සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා වැඩබලන පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමුකරමින් කියා සිටින්නේ විපක්ෂ නායක කාර්යාලයේදී විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්වීමට අනුමැතිය ලබානොදීම පිළිබඳව බලවත් විරෝධය පළ කරන බවයි.

- Advertisment -

Most Popular

Recent Comments