Monday, May 20, 2024
HomeLocalසේවක වැටුප් වැඩිකිරීම ගැන මහ බැංකුවෙන් නිවේදනයක්..

සේවක වැටුප් වැඩිකිරීම ගැන මහ බැංකුවෙන් නිවේදනයක්..

සේවකයින්ගේ වැටුප් වැඩිකිරීම,  2024 – 2026 කාලසීමාව ආවරණය වන පරිදි වෘත්තීය සමිති සමග ඇති කර ගත් සාමූහික ගිවිසුම යටතේ පාලක මණ්ඩලය විසින් අනුමත කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ, කෙසේ වෙතත් ඒ පිළිබඳව පාර්ලිමේන්තුවේදී ඇතැම් මන්ත්‍රීවරුගේ අදහස් දැක්වීම් සම්බන්ධයෙන් සිය අවධානය යොමුවී ඇති බවයි.

ඒ අනුව වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කරුණු පැහැදිලි කිරීම සඳහා අවස්ථාවක් ලබා දෙන ලෙස මහ බැංකු අධිපතිවරයා විසින් පසුගියදා මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් සිදු කර ඇතැයි එම නිවේදනයේ දැක්වෙයි.

ඒ අනුව සුදුසු පාර්ලිමේන්තු කාරක සභාවක් හරහා මන්ත්‍රීවරුන්ට ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට හැකි බවද එම නිවේදනයේ සඳහන් ය.

- Advertisment -

Most Popular

Recent Comments