Sunday, May 19, 2024
HomeLocalසෞඛ්‍ය වර්ජනය ගැන අවසන් තීරණය

සෞඛ්‍ය වර්ජනය ගැන අවසන් තීරණය

දීමනා ගැටලුවක් මුල්කර ගනිමින් වැඩවර්ජනයේ නිරත වු සෞඛ්‍ය වෘත්තීය සමිති අද (19) සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සමග සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබේ.

අද පෙරවරු 10.00ට අදාළ සාකච්ඡාව පැවැත්වෙන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පැවසුවේය.

වෛද්‍යවරුන් සඳහා පමණක් දීමනා ඉහළ නැංවීමට විරෝධය පළ කරමින් සෞඛ්‍ය සේවාවේ විවිධ වෘත්තීන්ට අයත් වෘත්තීය සමිති 72ක් විසින් පසුගිය දා වැඩවර්ජනයක නිරත වු අතර සෞඛ්‍ය අමාත්‍යවරයා සමඟ සාකච්ඡාවක් ලබාදෙන බවට වන ලිඛිත පොරොන්දුව මත ඔවුන් වැඩවර්ජනය තාවකාලිකව අත්හිටවනු ලැබීය.

සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සමඟ පැවැත්වෙන සාකච්ඡාවේ දී සිය ගැටලු සඳහා විසඳුමක් නොලැබුණහොත් යළි වැඩවර්ජනයකට යොමුවන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා පැවසුවේය.

- Advertisment -

Most Popular

Recent Comments